උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනයට අවසර

උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනයට අවසර

උඳු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20000ක් පමණ වන නමුත් එම නිෂ්පාදන වෙළෙඳ පොළට ලැබෙන කාල සීමාව හේතුවෙන් සෑම වසරකම අප්‍රේල් හා දෙසැම්බර් යන මාසවලදී වෙළඳපොලේ උඳු හිඟයක් දක්නට ලැබෙන බවට හඳුනාගෙන තිබෙනවා.

එබැවින් දැනට උඳු ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ පනත මගින් පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව,ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා පමණක් දේශීය අවශ්‍යතාවය අනුව උඳු ඇට මෙට්‍රික් ටොන් 2000ක් ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

COMMENTS