ආනයනික බිත්තරයක මිල පහළට

ආනයනික බිත්තරයක මිල පහළට

ඊයේ (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව බිත්තරයක මිල සඳහන් වෙන්නේ රුපියල් 36ක් ලෙසයි.

මෙම මිල සංශෝධනයට පෙර ලංකා සතොස බිත්තරයක් අලෙවි කළේ රුපියල් 43කටයි.

ඒ අනුව පාරිභෝගිකයන්ට මෙම මිල සංශෝදනය මඟින් රුපියල් 7ක වාසියක් හිමිවනු ඇති.