ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අත්හිටුවයි – බංග්ලාදේශයට 510ක දැවන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අත්හිටුවයි – බංග්ලාදේශයට 510ක දැවන්ත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ලකුණු 157කට කඩුලු 07ක් දැවී සිටි ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට බංග්ලාදේශයට වඩා ලකුණු 510ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් වාර්තා කළා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511ක් ලබාගත යුතුය.

COMMENTS