මුලින්ම එන්නේ ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණයද? ඒ ගැන ඉඟියක්

මුලින්ම එන්නේ ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණයද? ඒ ගැන ඉඟියක්

මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

මෙම වසරේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර එළඹෙන සැප්තැම්බර් අග හෝ ඔක්තෝම්බර් මුලදී එය පැවැත්වෙනු ඇතැයි වාර්තා වූ අතර ඒ සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ප්‍රකාශ කළා.

ඒ අනුව මැතිවරණය සඳහා පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳ සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරු දැනුවත් කර ඇති බව ද වාර්තා වනවා.

ඒ අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට සහ මැතිවරණ කොමිසමට දැනුම්දී ඇති බවයි.

COMMENTS