පාප් වහන්සේ ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

පාප් වහන්සේ ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරිදා දේශනයේ දී ඉල්ලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බවට විශ්වාස කරමින් පාස්කු ඉරුදිනය ගෞරවයෙන් සමරනු ලබන අතර ඒ සඳහා පැවැති ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමිනුයි පාප් වහන්සේ මේ බව කියා සිටියේ

එහිදී උන්වහන්සේ සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

87 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ පසුගිය සති කිහිපයක සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එමෙන්ම පාප් වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සිට දිව්‍ය පූජාව මෙහෙය වූ අතර, අනතුරුව ශාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම බැල්කනියේ සිට ආශිර්වාදය සහ පණිවිඩය ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

කෙසේ වෙතත් මෙම අවස්ථාවට 60,000ක ආසන්න පිරිසක් පැමිණ සිටි බවයි වතිකානුව ප්‍රකාශ කර ඇත්තේ

https://rb.gy/ficl10

COMMENTS