ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී කියයි

ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී කියයි

සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ යුතු බව කී රණවක මහතා සාම්ප්‍රදායික ආදායම් උත්පාදන මාර්ගවලට වඩා නව ක්‍රමවේද මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

ලාංකිකයන් ලක්ෂ 40 ක් විදේශ වල වෙසෙන අතර ඔවුන් ඉලක්ක කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සැකසිය යුතු බව කී රණවක මහතා එමගින් වැඩි පුර ආදායම් උත්පාදනය කළ හැකි බව සඳහන් කළේය. එක්සත් ජනරජ පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව කීය .