ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්

ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්

ඩොලර් 504,000කට වඩා වටිනාකමකින් යුත් රාජ්‍ය ත්‍යාග අක්‍රමිකතා සිද්ධියකට අදාළව සිර දඬුවම් නියම වී සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකර්ණය තීරණය කර තිබෙනවා.

අදාළ චෝදනාව මත ඉකුත් ජනවාරි 31 වැනි දා ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14ක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

පාකිස්ථාන මහ මැතිවරණයට සතියකට පමණ පෙර ප්‍රකාශයට පත් කළ අධිකරණ තීන්දුවෙන් පසු දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ සිරදඬුවම මෙලෙස අත්හිටුවීමට තීරණය කරමින් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (01) ප්‍රකාශ කර තිබුණේ, දින 10 කින් ආරම්භ වන ඊද් නිවාඩුවෙන් පසු නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් යුවළගේ දඩුවම අත්හිටුවන බවයි.

මෙම නඩුව පකිස්ථානයේ දූෂණ විරෝධී ඒජන්සිය විසින් ගෙන එන ලද අතර, ඛාන් සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් චෝදනා කළා.

දඩුවම් නියම කිරීම කරමින් ඛාන් යුවළට වසර 10ක කාලයක් රජයේ නිලතල සඳහා තරඟ කිරීමට නුසුදුස්සෙකු බවට පත් කර ඇති අතර එක් අයෙකුට ඩොලර් මිලියන 2.8ක දඩයක් ද නියම කර තිබුණා.

නමුත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටීමට සිදුව තිබෙනවා.

https://rb.gy/9biiwx

COMMENTS