VAT බදු සංශෝධන පනත සම්මතයි

එකතු කළ අගය මත බදු (VAT) සංශෝධනය පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
එහිදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 59ක් විපක්ෂව ඡන්ද 35ක් ලැබී ඇති අතර ඒ අනුව එය වැඩි ඡන්ද 24කින් සම්මත වී ඇති බවයි සඳහන් වන්නේ.