විදුලිය නැවත ලබාගැනීමේ ගාස්තු අඩුවෙයි

විදුලිය නැවත ලබාගැනීමේ ගාස්තු අඩුවෙයි

විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ ගාස්තුව රුපියල් 3,000 සිට රුපියල් 800 දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නැවත විදුලි සම්බන්ධතාවය ලබා දීමේදී ගෙවා ගැනීමට නොහැකි මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියේය.

‘‘විදුලි ගාස්තු අඩුවීමත් එක්ක දැන් ඒකක 30ක් පාවිච්චි කරන පාරිභෝගිකයෙකු පෙර රුපියල් 540ක විදුලි බිලක් ගෙව්වා. දැන් එය රුපියල් 390 දක්වා අඩු වෙනවා. ඒකක 60ක් පාචිච්චි කරපු කෙනෙකු රුපියල් 1,620ක් ගෙවපු එක දැන් රුපියල් 1,140 දක්වා අඩු වෙනවා. ඒකක 90ක් පාචිච්චි කරපු කෙනෙකු රුපියල් 3,990ක් ගෙවපු එක දැන් රුපියල් 2,800 දක්වා අඩු වෙනවා. ‘‘ඒකක 120ක් පාවිච්චි කරපු කෙනෙකුට රුපියල් 6,460ක විදුලි බිලේ සිට රුපියල් 4,900 දක්වා විදුලිබිල අඩුවීමක් ලැබෙනවා.’’ යනුවෙන්