වාහන ආනයනයට ලැබුණු අවසරය

වාහන ආනයනයට ලැබුණු අවසරය

විදේශ රටවල සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම මත විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනවාරි මාසයේ 08 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබූ අතර ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබෙනවා,

එසේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.