බැසිල් ලංකාවට පැමිණීම ගැටළුවක් කර ගන්න අවශ්‍ය නෑ

බැසිල් ලංකාවට පැමිණීම ගැටළුවක් කර ගන්න අවශ්‍ය නෑ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීම හා පිටවීම ගැටලුවක් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු අමෙරිකානු පුරවැසියෙක් බවත් ඡන්දය ඉල්ලීමටවත් ඔහු සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගත් බවයි ජන හමුවක් අමතමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

ඔහු සිදුකළේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම වෙනුවට, ජනතාව රවටා තුනෙන් දෙකක බලයක් ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කිරීම බව වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දුන්නා.

COMMENTS