ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

2022 ජනවාරි මාසයෙන් පසුව මෙම දර්ශකය කඩඉම් මට්ටම අභිබවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

නව ඉදිකිරීම් කටයුතුවල ක්‍රමික වර්ධනයක් මෙන්ම අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති ජනවාරි මාසය තුළදී සීමිත වශයෙන් නැවත ආරම්භ කිරීමක් ද දක්නට ලැබුණු බවයි බොහෝදෙනා ප්‍රකාශකර සිටියේ.

පසුගිය මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී නව ඇණවුම් ඉහළ යෑමක් වාර්තා වූ අතර මේ වන විට විදේශ අරමුදල් මගින් සිදු කරන ව්‍යාපෘති මෙන්ම දේශීය පෞද්ගලික අංශයේ අරමුදල් මගින් සිදු කරන ව්‍යාපෘතිවල ද ඉහළ යෑමක් දක්නට ලැබුණු බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කර සිටියේ.

මේ අතර, සමස්ත ක්‍රියාකාරකම් හා නව ඇණවුම් ඉහළ යෑමට සමගාමීව තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වුවද, ප්‍රධාන වශයෙන් එකතු කළ අගය මත බදු සඳහා කරනු ලැබූ සංශෝධනවල බලපෑම හේතුවෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ

COMMENTS