ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය එලිසබෙත් කැත්‍රින්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය එලිසබෙත් කැත්‍රින්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝස්ට් නම් කර තිබේ.

යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවල ද තානාපති නිලධාරිනියක ලෙස සේවය කර තිබෙන ඇයගේ එම පත්වීම සඳහා, ශ්‍රී ලංකා රජය විසින්ද සිය එකඟතාවය පළ කර ඇත.

එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පකිස්ථානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරයි.

වත්මන් ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග්ගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිතයි.