ශ්‍රීලංකන් ගමන්වාර 10ක් ප්‍රමාදයි වෙයි

ශ්‍රීලංකන් ගමන්වාර 10ක් ප්‍රමාදයි වෙයි

ශ්‍රීලංකන් ගුවන් යානාවල ගමන්වාර දහයකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේත් ප්‍රමාද වී, තවත් ගුවන් ගමන්වාර තුනක් මුළුමනින්ම අවලංගු කළ බව එම ගුවන් සමාගම පවසයි.

මෙවන් තත්ත්වයක් නිර්මාණය වූයේ ඉකුත් ඉරිදා ගුවන් ගමන්වාර හතරක් ප්‍රමාදයෙන් නොසන්සුන්තාවක් ඇතිවී පැය 48ක් ඉක්මයාමටත් පෙරවීම විශේෂත්වය කි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසන්නේ මෙය යථා තත්ත්වයට පත්වීමට දින පහක් පමණ ගතවිය හැකි බවයි.

ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාදවීම සහ ඇතැම් ගමන් වාර අවලංගුවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරා වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් ඉරිදා ය.

එහිදී අපහසුතාවට පත්වූ ගුවන් මගීන්ගෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සේවකයින්ට දැඩි දෝෂාරෝපණ එල්ලවූ අතර ගුවන්යානයක මීයෙකු සිටීම ගුවන් ගමන් ප්‍රමාදයට බලපෑ බව විෂයභාර ඇමතිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (26) පැවති සාකච්ඡාවේදී අනාවරණ විය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රීලංකන් සභාපතිවරයා පැවසුවේ අර්බුදයට ප්‍රධාන හේතුව ගුවන්සේවය සතුව ප්‍රමාණවත් ගුවන්යානා නොමැතිවීම බවයි.

එවන් පසුබිමක ඊයේ නැවතවරක් ගුවන් ගමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද විය.

එසේම ගුවන් ගමන්වාර 03කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනයේදී අවලංගුවී ඇති බව වාර්තාවිය.

ඒ අනුව ඊයේ උදෑසන ක්‍රියාත්මකවූ UL121 චෙන්නායි, UL364 ජකර්තා, UL314 ක්වාලාලම්පූර්, UL189 ඩකා දක්වා ගුවන් ගමන්වාර ප්‍රමාදවී ක්‍රියාත්මකවූ බව වාර්තාවෙයි.

එමෙන්ම ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක වීමට නියමිත UL265 රියාද්, UL470 සෝල්, UL103 මාලේ, UL225 ඩුබායි සහ UL229 කුවේට් යන ගුවන්වාරයන්ද ප්‍රමාද වන බව වාර්තාවිය.

ඒ අතර ශ්‍රීලංකන් ගුවන්සේවය ඊයේ දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත චෙන්නායි, බැංගලෝර් සහ අබුඩාඩි යන ගමනාන්ත වෙත සිදු කිරීමට නියමිතව තිබූ ගුවන්වාර අවලංගු කිරීමටද සිදුවූ බව වාර්තාවෙයි.

මේ අතර ගුවන්ගමන් ප්‍රමාදය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතිවන අර්බුදකාරී තත්ත්වය පාලනයට විකල්ප සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය මහතා පැවසීය.

COMMENTS