වෙලාව ආවම ජයග්‍රාහී අපේක්ෂකයා තෝරන්නම් – නාමල්

වෙලාව ආවම ජයග්‍රාහී අපේක්ෂකයා තෝරන්නම් – නාමල්

පොහොට්ටුවට කලින් චෝදනා කලේ අපේක්ෂකයෙක් නැතැයි කියා වුවද දැන් කියන්නේ අපේක්ෂකයන් පස් හයදෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරාගැනීමට නොහැකිව සිටින බැව් කියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තම පක්ෂයට අපේක්ෂකයන් බොහෝ දෙනෙක් සිටින බවද, ඒ අතරින් එක් අයෙක් තෝරාගත නොහැකි බව සත්‍යයක් නමුත්, වෙලාව පැමිණි විට ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

තමා හට ඡන්දයට ඉදිරිපත් වන ලෙස බහුතරයක් දෙනා ඉල්ලීම් කර සිටියද, පක්ෂයෙන් තීන්දු කරන පුද්ගලයා දිනවීමට කොන්දේසි විරහිතව තමා සටන් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS