ලිංගික අධ්‍යාපනය දීමට සැකසූ ප්‍රකාශන එළිදක්වන්න සූදානම්

ලිංගික අධ්‍යාපනය දීමට සැකසූ ප්‍රකාශන එළිදක්වන්න සූදානම්

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට සැකසූ නව අධ්‍යාපන ප්‍රකාශන ලබන මස 7 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව අනාවරණය කළේ ළමයින් සඳහාවන, පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීයි.

අධ්‍යාපන සහ සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ අධීක්ෂණය හා අනුමැතිය යටතේ පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ අල්ප දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශන සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

මෙහි පළමු අදියර යටතේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, ඊ ප්‍රකාශන ලෙස ලබා දීමට යෝජනා කර තිබෙනවා.

COMMENTS