රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය

රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය

1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) කැදවා තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබූ අතර ඒ සදහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබී තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

COMMENTS