බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහළට

බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහළට

පාන් 25%කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි.

නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් බේකරිනිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ මට්ටමක පැවතීම අළෙවිය පහත වැටීමට හේතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ වන විට මාගරින් කිලෝවක් රුපියල් 1,000ක් සහ බටර් කිලෝවක් රුපියල් 3,000ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බේකරිවලට ලබා නොදීම නිසාබිත්තර මාෆියාව හමුවේ දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා වැඩිවීමත් හේතුවෙන් බේකරි කර්මාන්තයට දැඩි පහරක් වැදී ඇතැයි සභාපතිවරයා පවසයි.

එබැවින් එළැඹෙන සිංහල අවුරුද්දට පෙර බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය බද්දෙන් නිදහස් කර, බිත්තර මිල පහත දැමීමට කටයුතුකර, පාරිභෝගික ජනතාවට සහන සැලසීමට රජය පියවර ගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.