ඵලදාවර්ධන හා අලෙවි අංශය වසා දමයි

ඵලදාවර්ධන හා අලෙවි අංශය වසා දමයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ඵලදාවර්ධන හා අලෙවි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙතයි.

මෙම අංශය මගින් වැඩිපුරම සිදු කරනු ලබන්නේ ඉඩම් ගොඩකිරීමට උපදෙස් ලබාදීම වන අතර, ඉන් කිසිදු ඵලදාවර්ධන කටයුත්තක් ඉටු නොවන බවටත් කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම අංශය වසා දමා අපනයන භෝග ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතයි.