ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ.

ඒ ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමයි.

එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කර තිබේ.

දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් විසින් “යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්” නමින් සමාගමක් ලියාපදිංචි කර තිබේ.