විදුලි ගාස්තු 20%කින් අඩු කළ යුතු බවට PUCSL ට නිර්දේශ

විදුලි ගාස්තු 20%කින් අඩු කළ යුතු බවට PUCSL ට නිර්දේශ

පවතින විදුල ගාස්තුව අවම වශයෙන් 20% ඉක්ම වූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයෙන් බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ එම නිර්දේශය මහජන උපයෝගිතා කොමිසම වෙතද දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කළේ.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ පසුගිය ඔක්තොම්බර් මාසයේ ඉහළ දැමූ ප්‍රතිශතයෙන්ම මෙවර ගාස්තු පහත දමන බවයි.

කෙසේ වෙතත් විදුලි බිල ඉහළ යාම නිසා දිවයින පුරා මේ වන විට විදුලි සබඳතා කපා හැරීම් ලක්ෂ 10ක් ඉක්මවා ඇති බව ආර්ථික අර්බුදයෙන් බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එහිදී මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත්තේ මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කළ හැකි බවයි.