වතුර බිලට මිල සූත්‍රයක්

වතුර බිලට මිල සූත්‍රයක්

ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (26) අනාවරණය කළේය.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ජලගාස්තු වැඩි නොකරන බවය.

“අපි පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව. ඇත්තෙන්ම පාරිභෝගිකයින්ගේ ඒ බර අඩුකරන්නේ කොහොමද?කියලා රජය අධ්‍යයනය කරමින් සිටින්නේ. ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් දැන් සකස් කර තිබෙනවා. එය නිසි ලෙස කෙටුම්පත්කොට කැබිනට් අනුමැතිය ලැබෙනතුරු අපි අපේක්ෂාවෙන් පසුවනවා. ජල ගාස්තු ස්ථාපිත කළ පසු වාර්ෂික මිල ඇගයීමක් සිදුවන අතර ද්වීපාර්ශ්වික ඇගයීමේත් විකල්පයක් තිබෙනවා. මෙය ක්‍රියාවට නැංවීමෙන් පසු අපට අයෝජකයින් ආකර්ශනය කර ගැනීමටත් හැකිවේවි. මම මෙහිදී පැහැදිලිව ඒ ගැන කිව යුතුයි. මෙහිදී එය ඕනෑම අතට පෙරළා ගත හැකි නිසා. මෙය පෞද්ගලීකරණයක් නොව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක්. අපි පෞද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිදියුණු කළ විට අපි තරගකාරී කර්මාන්තයක් නිර්මාණය කරන අතර එමගින් ඉහළ ප්‍රමිතියක් සහ අඩු මිල ගණන් බලාපොරොත්තු විය හැකියි. අප, ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් සකස්කළ බව මම ඔවුන්ට දැනුම් දුන්නා.ඔවුන් ඒ සම්බන්ධයෙන් සතුට පළකළා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති මත පදනම් වූ ණය සඳහා අවශ්‍යතාව වන්නේ 2025 වසරට මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමයි. නමුත් දැන් අපි ජල ගාස්තු සූත්‍රය සඳහා අනුමැතිය බලාපොරොත්තු වනවා.” යනුවෙන්