පළමු ලංකා T10 තරඟාවලිය දෙසැම්බරයේ

පළමු ලංකා T10 තරඟාවලිය දෙසැම්බරයේ

ලංකා T10 පළමු තරගාවලිය ලබන දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා පැවත් වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් T10 ග්ලොබල් ස්පොට්ස් ප්‍රකාශ කළේ කණ්ඩායම් 06කගේ සහභාගිත්වයෙන් තරගාවලිය මෙරට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණවලදි පැවත්වෙන බවයි.

එක් කණ්ඩායමක් සදහා විදෙස් ක්‍රිඩකයින් 06 දෙනෙකු සම්බන්ධ කරගනිමින් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් සහභාගි කර ගත හැකි වනවා.

ලංකා T10 තරගාවලිය පැවත්වීමට මෙම ක්‍රිඩා රටාවේ ජනප්‍රියත්වයට නව පරිච්ජේදයක් එක් කරනු ඇති බවයි T10 ග්ලොබල් ස්පොට්ස් සමුහයේ සමාජිකයෙකු වන අනිල් මෝහන් ප්‍රකාශ කර ඇත්තේ.