ග්‍රහලෝකාගාරය අද සිට වැසේ

ග්‍රහලෝකාගාරය අද සිට වැසේ

ග්‍රහලෝකාගාරය අද (27) සිට ලබන මස 12 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ග්‍රහලෝකාගාරය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති එකම ග්‍රහලෝකාගාරය වෙනවා.

එය කොළඹ 7 ස්ටැන්ලි තිලකරත්න මාවතේ ස්ථාපනය කොට ඇති අතර වර්ථමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවද සඳහන්.

COMMENTS