කථානායකට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගය ගත් තීරණය

කථානායකට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගය ගත් තීරණය

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට, ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා විපක්ෂය අත්සන් තැබීම අද ආරම්භ කළා.

ඒ,මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කරගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොසලකා කටයුතු කිරීම හරහා කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්.

පනත් කෙටුම්පත තෙවන වර කියවීමේදී විපක්ෂය බෙදීමක් ඉල්ලා සිටියද එය නොසලකමින් කෙටුම්පත සම්මත කරගැනීමට ඉඩ හැරීම තුළින් කථානායකවරයා ආණ්ඩුවට පක්ෂපාතිව කටයුතු කරන බවට පැහැදිලි වන බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.

මෙම විශ්වාසභංග යෝජනාව ලබන මස 05 වනදාට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබෙනවා.

COMMENTS