රට පුරා හොර දොස්තරවරු 50,000ක්

රට පුරා හොර දොස්තරවරු 50,000ක්

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවය.

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බවය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ඇතැම් ඖෂධ වෙළෙඳසැල්වල ක්‍රියාකාරීත්ව ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල කරන බවය.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. 

මේ හේතුවෙන් නිසි නියාමනයක් වහාම සිදුකර යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

COMMENTS