මහවැලි ගොවින්ට නිරවුල් ඔප්පු

මහවැලි ගොවින්ට නිරවුල් ඔප්පු

මහවැලි ඉඩම්වල පදිංචිකරුවන් දෙලක්ෂ 7,000ක් සඳහා උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව නිරවුල් ඔප්පු ලබා දීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මහවැලි බල ප්‍රදේශ 10ම ආවරණය කරමින් මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමට මහවැලි අධිකාරිය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

මේ තුළින් මහවැලි ජනපදවල පදිංචි ගොවි ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.