දුම්රිය හරස් මාර්ග ගේට්ටුවලට 2000ක් බඳවා ගැනීමට ඉල්ලීමක්

දුම්රිය හරස් මාර්ග ගේට්ටුවලට 2000ක් බඳවා ගැනීමට ඉල්ලීමක්

දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ආරක්ෂාව සඳහා බහුකාර්ය කාර්ය සාධක බලකායට 2000ක් බඳවා ගැනීමට ඉල්ලීමක් කර තිබේ.

දුම්රිය ධාවන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ඉල්ලීම සිදු කළ බවයි.

බහුකාර්ය කාර්ය සාධක බලකායේ 3000කට ආසන්න ප්‍රමාණයක් මීට පෙර මාර්ග නඩත්තු කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන තිබේ.