ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම පැවතිවිය යුතුයි

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම පැවතිවිය යුතුයි

මහ මැතිවරණය පවත්වනු ලබන දිනයන් වෙනස් කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුණද ජනාධිපතිවරණය නියමිත කාලවලදී පැවැත්වීම අනිවාර්ය බවත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාතික ජන බලවේගයට බියෙන් බලහත්කාරී අත්තනෝමතික හා නීති විරෝධීව මැතිවරණ නොපවත්වා කටයුතු කරන්නේ නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව උත්තර ලබාදීමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි විය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තුවකින් නොව ජනතාව පත් කළ පාර්ලිමේන්තුවකින් පමණක් බව ද වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (23) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින්.

මෙරටට ලැබෙන විදෙස් රැකියා සියල්ල වත්මන් අමාත්‍යවරුන් විසින් මුදලට අලෙවි කරන බවත් රටේ ප්‍රශ්න හා ජනතාවගේ හඬ යටපත් කිරීමට සමාජ ආරක්ෂණ පනත හා ප්‍රතිත්‍රස්ත පනත හරහා ජනතාව බිය වැද්දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පවසනවා.

විදුලි බිල සියයට තිහකින් අඩු කිරීමට හැකියාව තිබියදී එය සියයට තුනකින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු සූදානම් කර ඇති බවත් ජාතික සංවර්ධන ඉලක්ක වලට මෙරට කිරි නිෂ්පාදනය අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඇතැම් අය පවසන පරිදි අනුර දිසානායක මහතා ඉන්දියාවෙන් කිසිදු මුදලක් ලබාගෙන ඇති බවත් ඒ මහතා පවසයි.