ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල බැතිමතුන් පිරිසක්

ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල බැතිමතුන් පිරිසක්

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය කරන මගි දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කර ඇති බවයි.

එම දුම්රියවලින් හැටන් දුම්රිය ස්ථානය දක්වා ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන අතර ඔවුන්ට නල්ලතන්නිය ගමන් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැටන් ඩිපෝව මඟින් අමතර බස් රථ යොදවා ඇති බව සඳහන්.