මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ

මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් හිටපු ජනපති මේ බව ප්‍රකාශ කළා.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යනතුරුත් ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගෙන සිටි බව කී රාජපක්ෂ දේශපාලනඥයකුට අමාරුම දේ එය බවයි සඳහන් කළේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.