ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම නොමිලේ ආහාර වේලක්

ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම නොමිලේ ආහාර වේලක්

ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට එම ආහාර වේල ලබා දෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, උදෑසන 7.30 ට ආහාර වේල ළමයින්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

මන්ද පෝෂණයට ගොදුරු දරුවන් සම්බන්ධයෙන් මෑත කාලීනව සෞඛ්‍ය අංශ කළ අනාවරණයන් පිළිබඳ සලකා බලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 16.6 කි.

අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කළ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කෙරෙන අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධීක්ෂණය කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.