දැනට පවතින උෂ්ණත්ව කාලගුණය තවත් මාසයක කාලයක්

දැනට පවතින උෂ්ණත්ව කාලගුණය තවත් මාසයක කාලයක්

පවතින අධික උෂ්ණත්වය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට මෙන්ම, මොණරාගල යන දිස්ත්‍රික්කවලට උෂ්ණත්වය පිළිබඳව අවදානම් නිවේදන ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත්තේ එවන් පසුබිමකයි.

මේ අතර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතිබැවින් ස්වභාවික දියර වර්ග දරුවන්ට වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.