වනිඳුට දඬුවමක් ?

වනිඳුට දඬුවමක් ?

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව සමග පැවති අවසන් 20-20 තරගයේදී විනිසුරු ලින්ඩාල් හැනිබල් සහ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමඟ ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධව විශාල කතාබහක් ඇති වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් අනතුරුව විනිසුරු හැනිබල්, තරග තීරකවරයාට මේ සම්බන්ධව පැමිණිලි කර ඇති බවද සඳහන්.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනිඳුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු විය හැකි බවට තොරතුරු වාර්තා වෙනවා.

හසරංගගේ මේ හැසිරීමට ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ 2 මට්ටමේ චෝදනාවක් එල්ල වී ඇති බවද සඳහන්.

මීට පෙර සිදු කළ වැරදි සම්බන්ධයෙන් දැනටමත් demerit points දෙකක් ලබා ඇති හෙයින්, වරදකරු වුවහොත් හසරංගට T20I තරග දෙකක් හෝ ඊට වැඩි ගණනක තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් හසරංගගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් අය කර ගැනීමට නියමිත දඩ මුදල සම්බන්ධයෙන් ද තවමත් ICC කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ.