මොළය පරිඝණකයට සම්බන්ධ කරන වැඩේ සාර්ථකයි

මොළය පරිඝණකයට සම්බන්ධ කරන වැඩේ සාර්ථකයි

නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට හැකි වූ බව බිලියනපති ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේය.

නියුරලින්ක් චිපයක් මොළයට බද්ද කළ ප්‍රථම පුද්ගලයා ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් එම පුද්ගලයාට සිතීමෙන් පරිගණක තිරය තුළ මවුස් සලකුණ මසක් යන්නටත් මත්තෙන් එහා මෙහා කිරීමේ හැකියාව ලැබී තිබෙන බවත් ඊලෝන් මස්ක් ස්පේස් එක්ස් සමුළුවකදී පැවැසුවේය.ඊලෝන් මස්ක් නියුරලින්ක් සමාගමේ නිර්මාතෘවරයකුද වේ.

නියුරලින්ක් සමාගමේ මීළඟ ඉලක්කය වී ඇත්තේ එම පුද්ගලයාට සිතීමෙන් මවුස් එක ක්ලික් කිරීමට හැකියාව ලබා දීම බව මස්ක් එම සමුළුවේදී ප්‍රකාශ කළේය.

නියුරලින්ක් සමාගමේ චිපය රොබෝ යන්ත්‍රයක් මගින් මොළයේ චලනය වීමේ සිතුවිල්ල පාලනය කරනු ලබන ප්‍රදේශයට බද්ධ කරනු ලැබේ.එම චිපය මගින් මොළයේ සංඥා ඇප් එකක් වෙත යවනු ලබයි.මෙම චිපය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ ඔත්පල වී සිටින රෝගීන්ට සිතීමෙන් පරිගණකයේ යතුරු පුවරුව සහ මවුසය පාලනය කිරීමට අවස්ථාව ලබා දීම බව නියුරලින්ක් සමාගම ප්‍රකාශ කළේය.

https://shorturl.at/gnrWZ