මෙරටින් ලාදුරු තුරන් කිරීමට WHO එයි

මෙරටින් ලාදුරු තුරන් කිරීමට WHO එයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,

“ලාදුරු මර්දන ව්‍යාපාරය මේ වනවිට ලංකාවේ ලාදුරු තුරන් කිරීම සඳහා විදිමත් වැඩසටහනක් අරගෙන යනවා. එයට හේතුව ලාදුරු රෝගීන් සොයා ගැනීම ගිය වසරට වඩා 10%කින් පමණ වැඩිවෙලා තියෙනවා. එයට සහයෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අපි දැනුම්දීලා තියෙනවා මාර්තු මාසය තුළදී ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් අපේ රටට එවනවා කියලා. ඉදිරි වසර 10 තුළ ලාදුරු තුරන් කිරීම සඳහා මාර්ග සිතියමක් සැකසීම සඳහා ඔවුන් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. අපි එය සාධරයෙන් පිළිගත්තා. දැන් ලාදුරු තුරන් කිරීමට එක් එක් නිර්ණායක තියෙනවා. ඒවා අපිට කවදාවත් එකවර කරලා ලංකාවේ ලාදුරු තුරන් කරන්න බෑ. ඒ නිසා ලාදුරු ප්‍රදේශ අනුව කලාප වශයෙන් ඒක ලබාගන්න වෙනවා. විශේෂඥවරු සමග තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.” යනුවෙන්