මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව විමලවීර දිසානායක කියයි

මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව විමලවීර දිසානායක කියයි

තමා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නැතිනම් හෝ ජනමත විචාරණයකින් කල් නොදමන්නේ නම් ඔක්තෝබර් 17 ට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පුද්ගලයින් රැසක් සූදානමින් සිටින අතර ඉදිරියේ සිදුවන්නේ කුමක්දැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීරණය සමඟ තමන් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

COMMENTS