භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යනු ඇති

කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ – අනෙකුත් (මිලට්), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට් (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ත් ඉහළ නංවා තිබෙනවා.

මීට අමතරව බඩඉරිඟු සඳහා ද රු. 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර තිබෙනවා..

මේ අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.