ජනාධිපතිවරණය නිසි කලට පවත්වනවා – විජේදාස රාජපක්ෂ

ජනාධිපතිවරණය නිසි කලට පවත්වනවා – විජේදාස රාජපක්ෂ

ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති කරගත නොගත යුතු බවයි.

මේ අතර, නිදහස ජනතා සභාව මෙතෙක් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

COMMENTS