අවසන් තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

අවසන් තරඟයේ ජය ඇෆ්ගනිස්ථානයට

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන 20-20 තරගාවලියේ අවසාන තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස් කළ අතර නමුත් අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක් වීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවුණා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කරනු ලැබුවා.

අවසන් පන්දුවාරයේ නිපන්දුවක් විනිසුරු නිපන්දුවක් ලෙස නම් නොකිරීම පිළිබඳවද මේ වන විට ක්‍රිකට් ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

COMMENTS