අරගල බිම ආයෝජකයන්ට දෙන්නේ නෑ

අරගල බිම ආයෝජකයන්ට දෙන්නේ නෑ

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

විසුම්පාය රජයේ තක්සේරුවෙන් බැහැරව ලබා දීමේ සූදානමක් නැතැයිද ඔහු සඳහන් කළේය.

රටට ආයෝජකයන් ගෙන ඒමට රජය කටයුතු කරද්දී විපක්ෂය ජනතාව අතරේ වැරදි පතුරවන බව පැවසූ අමාත්‍යවරයා ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනතාව නොමග යවන ප්‍රකශයක් බවද ප්‍රකාශ කළේය.

COMMENTS