අඩු බරට පාන් විකුණූ බේකරි 450 කට නඩු

අඩු බරට පාන් විකුණූ බේකරි 450 කට නඩු

පාන් සඳහා වන ගැසට් පත්‍රයේ නියමන් පරිදි නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරිමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

ගැසට් නිවේදනයේ නියමන් ක්‍රියාත්මක වන්නේ දැයි මෙම 5 වැනිදා දිවයින පුරා වැටලීම් ආරම්භ කළ බවත් මෙම බේකරි සහ වෙළෙඳසැල් 453 මේ දක්වා කළ වැටලීම්වලදී හදුනාගත් බවත් එම අධිකාරිය කීය.

සියලුම බේකරි සහ වෙළෙඳසල්වල විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර සහ මිල පැහැදිලිව ප්‍රදර්ශනය කර තැබිය යුතු අතර පාරිභෝගිකයෙක් පාන්වල බර මැනීමට ඉල්ලූ විට ඒ සදහා කිරුම් මිනුම් ආයතනයේ ප්‍රමිති සහතික ලත් තරාදියක් බේකරි සහ වෙළෙඳසල් තුළ තිබිය යුතු බව ද එම අධිකාරිය සදඟන් කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් අඛණ්ඩව කරන බවත් පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට ඇමතිය හැකි බවත් එම අධිකාරිය වැඩි දුරටත් පැවසීය.

COMMENTS