විදුලි බිල පහළට

විදුලි බිල පහළට

ගෘහස්ථ, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන අංශ සඳහා පසුගිය ඔක්තොම්බර් මාසයේදී ඉහළ දැමූ විදුලි ගාස්තුව නව සංශෝධනයේදී එම ප්‍රතිශතයෙන්ම අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩායේ විදුලි ගාස්තුව 18%කින් පහළ දමන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ඊට අදාළ යෝජනාවලිය හෙට දිනයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.