මාළු ගණන් යළිත් ඉහළට

මාළු ගණන් යළිත් ඉහළට

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

මාලු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාලු මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයිද ඔව්හු කියති.

ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල් 2000 ත් 2200 කටත්, පරා රුපියල් 2200ත් 2400 ක්, තලපත් රුපියල් 2400 ත් 2800 ක්, හැඩැල්ලා රුපියල් 1600 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 480 කටත්, ඇටවල්ලා රුපියල් 900 කටත්, ඉස්සා රුපියල් 2000 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.

මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1400 කටත්, තලපත් රුපියල් 2000 කටත්, බලයා රුපියල් 750 කටත්, හුරුල්ලා රුපියල් 900 කටත්, සාලයා රුපියල් 400 කටත්, ලින්නා රුපියල් 750 කටත් කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.