පැතුම්, වනිඳු, මහිෂ් ඉදිරියට

පැතුම්, වනිඳු, මහිෂ් ඉදිරියට

නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහු මිට පෙර පිතිකරුවන් අතර 18 වන ස්ථානයේ රැදී සිටියා.

පැතුම් නිශ්ශංක ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 118ක් ලබා ගැනීමත් සමඟ ඔහු 18 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණ තිබෙනවා.

පන්දු යවන්නන් අතුරින් එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව මහිෂ් තීක්ෂණට හිමිවී ඇත්තේ 11 වන ස්ථානයයි.

එමෙන්ම නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග පන්දුයවන්නාන් අතර 02 වන ස්ථානයේත් මහිෂ් තීක්ෂණ 03 වන ස්ථානයත් හිමිව තිබෙනවා.

එමෙන්ම නවතම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර වනිඳු හසරංග දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.