කොවිඩ් එන්නත් තුනක් ගැන විශේෂ අනාවරණයක්

කොවිඩ් එන්නත් තුනක් ගැන විශේෂ අනාවරණයක්

Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ හැකියාවක් පවතින බව මෙතෙක් සිදු කරන ලද විශාලතම සමීක්ෂණය ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අධ්‍යනය කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13 ක් පිළිබඳව නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර් , මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබෙනවා.

එහිදී මොඩර්නා එම්.ආර්.එන්.ඒ සහ ෆයිසර් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා තුන ලබා ගැනීමෙන් පසුව මයොකාර්ඩයිටස් නම් හෘද රෝගී තත්ත්වය වැළඳීමේ අවදානම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන ප්‍රතිශතයට වඩා 6 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යනයෙන් හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

https://shorturl.at/muEFL