දේශපාලකයින්ට වඩා ගස් ගල්වලට අවවාද කළා නම් මීට වඩා හොඳයි

දේශපාලකයින්ට වඩා ගස් ගල්වලට අවවාද කළා නම් මීට වඩා හොඳයි

සහජීවනයෙන් ජීවත් වූ මෙරට ජනතාව අතර ජාති ආගම් ගැටුම් ඇති කිරීමට මූලික වූයේ බලලෝභී දේශපාලනඥයෝ බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාවේ නියෝජිත පිරිසක් ඊයේ (19) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

දේශපාලඥයන්ට රට ජාතිය මතක් වන්නේ මැතිවරණයක් ආසන්නයේදී පමණක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

“මේ ජාතික සමගිය, ආගමික සමගිය, උතුරේ ගැටලුව වගේම තවත් ජාතික ප්‍රශ්න පිළිබඳ උත්තර හොයන්න කොමිසම් කීයක් පත් කළාද. ඔය එකකින්වත් වැඩක් වුණාද? නිකන් මුදල් වියදම් කළා විතරයි. දේශපාලනඥයෝ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කරන්නේ. ජනතාවට මේ සම්බන්ධයෙන් උනන්දුවක් නෑ. මොන කමිටු පත් කළත් මේ වගේ අන්තගාමී, ආගම්වාදී, ජාතිවාදී, බලලෝභී දේශපාලඥයෝ ඉන්නකම් මේ රටේ ජාතික සමගිය කවදාවත් හදන්න බෑ. මම මේ නායක පදවියට පත්වුණේ 2004 වසරේදීයි. එදා ඉඳලා කොයිතරම් අවවාද අනුශාසනා කරලා තියෙනවාද. ඊට වඩා හොඳයි ගස් ගල්වලට අනුශාසනා කළා නම්. මෙතැනට ඇවිල්ලා එක කතාවක් කියනවා. ගිහින් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්. මේ මැතිවරණයක් අත ළඟ තියාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන්ද? මේවා මහ බොරු වැඩ. රාජ්‍ය නිලධාරියෝ කරන වැරදි සම්බන්ධයෙන් අද දේශපාලනඥයෝ වචනයක්වත් කතා කරනවද. මහජනතාව අන්ත අසරණ වෙලා දුක් විඳිද්දී රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් විතරක් හැම සැප පහසුකමක්ම විඳිනවා. මුස්ලිම්, සිංහල, දෙමළ කියලා පාසල් හදලා පොඩි කාලෙ ඉඳලම ජාති ආගම් භේද ඇති කළා. ඡන්ද කඩා වඩාගන්න තමයි මේ දේවල් කළේ. රට ගැන හිතුවේ නෑ. මේ කලබලවලට ප්‍රථමයෙන් යාපනයේ කොයිතරම් සිංහල මිනිස්සු හිටියද. සිංහල අය ව්‍යාපාර කළා. සිංහල පාසල් තිබුණා. අද ඒ ව්‍යාපාරිකයන්ට යාපනේ ව්‍යාපාර කරන්න ඉඩ දෙනවද? ඒවට දේශපාලනඥයෝ තහංචි දාලා. ඉපැරණි ආගමික සිද්ධස්ථාන කඩා බිඳ දානවා. ඉතින් කොහොමද ආගමික සංහිඳියාවක් ඇති වෙන්නෙ? මේවා ඔක්කොම බොරු වැඩ. මැතිවරණයක් එනකොට මිනිස්සු රවටන්න සිදුකරන දේවල් කියලා තමයි අපි හිතන්නේ.” යනුවෙන්

COMMENTS