දුෂ්මන්ත චමීරට IPL දොර ඇරේ

දුෂ්මන්ත චමීරට IPL දොර ඇරේ

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෝරාගෙන තිබේ.

ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එක්වනු ඇති බව වාර්තා වෙයි.

දුෂ්මන්ත චමීර එලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තොරගෙන ඇත්තේ, එංගලන්ත පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් වෙනුවටය.

දුෂ්මන්ත චමීර මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියවලදී 2018 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර 2021 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කළේය.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් නියෝජනය කළේය.

COMMENTS