ඩොලරය වෙනස් වෙයි

ඩොලරය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (19) දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය අද දිනයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 307. 34 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.47ක් ලෙස සටහන් වුණා.

මීට අමතරව අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317. 16 ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317. 29 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වෙන්නේ.