ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ඔහු තවදුරටත් පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ඇති.

මීට පෙර පරිසර අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉන් අනතුරුව එම අමාත්‍ය ධුරය තමන් යටතේ තබාගැනීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ.

COMMENTS